“ඔබට නාමයෝජනා දෙන්න නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් ඉන්න ඇති.” බැසිල් රාජපක්ෂ

0
4006
- Advertisement -
Share

“ඔබට නාමයෝජනා දෙන්න
නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් ඉන්න ඇති.”
බැසිල් රාජපක්ෂ

පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ලයිස්තුවල අශ්වයන් මෙන්ම බූරුවන්ද සිටින බවත්, අශ්වයන් තෝරා එවීම ජනතාවගේ වගකීමක් බවත්, එක් ජන රැළියකදී, පොහොට්ටු පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ඕෂධී මද්දුමහේවා ප්‍රකාශ කර සිටියා ය.

ඇගේ එම ප්‍රකාශය, විරුද්ධ පාර්ශ්වය විසින් පොහොට්ටු පක්ෂයට සරදම් කිරීම සදහා සමාජ මාධ්‍ය තුළ තුළ දී මෙන්ම දේශපාලන සංවාදවලදී ද මතුකර ගන්නා බවක් පෙනුණි.

ඕෂදී විසින් සිදු කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන්, පොහොට්ටු පක්ෂයේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතාද අදහස් දක්වා තිබුණි.

පොහොට්ටු පක්ෂයෙන් අශ්වයන් මෙන්ම බූරුවන්ද ඉදිරිපත් ව ඇති බව එක් අපේක්ෂිකාවක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාල අපේක්ෂිකාත තමාගේ අදහස් විමසූ බවත් පවසන බැසිල් රාජපක්ෂ මහතා, තමන් ඇයට දුන් පිළිතුරද හෙළිදරව් කර සිටියේ ය.

පොහොට්ටු පක්ෂයෙන් බූරුවන් මැතිවරණයට ඉදිරිපත් කර නැති බව පවසන බැසිල් රාජපක්ෂ මහතා, නාමයෝජනා මණ්ඩලයේනම් බූරුවෙක් සිටින්නට ඇති බවත්, ඇයට නාමයෝජනා ලබා දෙන්නට ඇත්තේ ඒ බූරුවා විසින් යැයි තමන් විශ්වාස කරන බවත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 3 =