‘ඔපෙක් රටවලින් කොමිස් නොලැබෙයි. සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ඉකොමිස් ලැබෙයි. ගම්මන්පිල ඉන්ධන මිලදී ගන්නේ සිංගප්පූරු තැරැව්වරුවන්ගෙනි.’ මහින්ද පතිරණ – පුවත්පත් මණ්ඩලයේ සභාපති.

0
414
- Advertisement -

‘ඔපෙක් රටවලින් කොමිස් නොලැබෙයි.
සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ඉකොමිස් ලැබෙයි.
ගම්මන්පිල ඉන්ධන මිලදී ගන්නේ සිංගප්පූරු තැරැව්වරුවන්ගෙනි.’
මහින්ද පතිරණ – පුවත්පත් මණ්ඩලයේ සභාපති.


රජය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේත් – විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලත් දැඩි විරෝධයක් රජයට එල්ල විය.

අවසානයේ දී එම විරෝධය – ආණ්ඩු පක්ෂය තුලින්ම – විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ අතර අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බවට – පොහොට්ටු පක්ෂයේ මහලේකම් ලිඛිතව ම දැනුම් දී තිබේ.

ඉන්ධන මිල පාලනය කිරීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ග – අමාත්‍යවරයා විසින් නොගත් බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මෙන්ම ප‍්‍රබල බැසිල් හිතවාදියෙකුද වන මහින්ද පතිරණ විසින් ඔහුගේ ෆේස් බුක් පිටුවේ පහත සටහන තබා තිබේ.

අප එය මෙසේ උපුටා දක්වන්නේ – මහින්ද පතිරණ මහතා – ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂය වන පොහොට්ටු පක්ෂයේ මතය දැඩිව නියෝජනය කරන අයෙකු ලෙස අප විසින් ද හදුනාගෙන ඇති බැවිනි.