ඒ සෝෆා ගිවිසුම හොර ගිවිසුමක්…!

0
446
- Advertisement -
Share

රටේ ස්වෛරීත්වයට අභියෝගයක් වන ආකාරයේ ගිවිසුමකට, රජය මේ වනවිටත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළැඹ ඇති බව බොහෝ දෙනා පවසති. අද උදෑසන පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ, සෝෆා ගිවිසුමට මෙතෙක් රජය අත්සන් තබා නොමැති බවයි. කිසිවෙකු විසින් එවැනි ගිවිසුමක් ඇති බව කියන්නේ නම්, වහාම එම ගිවිසුම තමන් වෙත ලබා දෙන ලෙසද අගමැතිවරයා කියා සිටියේ ය. එවැනි ගිවිසුමක් තිබේනම් එය නිසැක ලෙසම හොර ගිවිසුමක් විය යුතු බවයි අගමැතිවරයාගේ අදහස.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + nine =