“ඒ ලකුණු හතර එපා . . . !” ස්ටොක් විනිසුරුට කියයි.

0
1036
- Advertisement -
Share

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී ඉක්මන් ලකුණු දෙකක් සඳහා පැති මාරු කරගන්නට ගත් උත්සාහය අතර තුර, පන්දු රකින්නා විසින් කඩුල්ල වෙත යොමු කළ පන්දුව බෙන් ස්ටෝක්ගේ පිත්තේ වැදී හතරේ සීමාව පසු කරමින් ඇදී ගියේ ය.

ඒ සමඟම, එම පන්දුවට ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව දෙකේ සිට හය දක්වා ඉහළ ගියේ ය.

එම අවස්ථාවේ දී විනිසුරු වෙත ගොස් තිබෙන බෙන් ස්ටොක්, කඩුල්ලට යොමු කළ පන්දුව තමන්ගේ පිත්තේ වැදීමෙන් ලැබුණු අමතර ලකුණු හතර තමන්ට අවශ්‍ය නැති බවත් – එම පන්දුවට තමන් දිවීමෙන් ලබා ගත් ලකුණු දෙක පමණක් ලබා දෙන ලෙසත් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, විනිසුරුවරයා එසේ කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

කි‍්‍රකට් නීති පොතට අනුව, අමතර ලකුණු හතරක් හිමි වෙන බවත්, අකමැත්තෙන් වුවත් එය භාර ගැනීමට සිදු වන බවත් විනිසුරුවරයා බෙන් ස්ටෝක්ට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =