“ඒ තරං පිරිසක් මරා දමන්ඩ කරුණාට බැරි වුණා. ඒ නමුත් ඔහු හමුදා අධිකරණයක් ඉදිරියට කැදවිය යුතුයි.” ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

0
302
- Advertisement -
Share

“ඒ තරං පිරිසක් මරා දමන්ඩ කරුණාට බැරි වුණා. ඒ නමුත් ඔහු හමුදා අධිකරණයක් ඉදිරියට කැදවිය යුතුයි.”
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධව සිටියදී, අලිමංකඩ සටන් බිමේ දී එක් දිනක් තුළ හමුදා සෙබළුන් 2000 – 3000 ත් අතර ප්‍රමාණයක් තමන් විසින් මරා දැමූ බවත්, කිලිනොච්චියේ දී ඊටත් වඩා වැඩි පිරිසක් තමන්ගෙන් මැරුම් කෑ බවත්, පසුගියදා පැවති ජනහමුවක දී කරුණා අම්මාන් විසින් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත්, එතරම් සෙබළු ප්‍රමාණයක් එක් රැයකදී මරා දැමීමට කරුණාට හැකියාවක් නොලැබුණු බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවයි.

කරුණා, එල්ටීටීඊ සංවිධානයට යටත් වූ හමුදා සෙබළුන් 1200 ක් සහ යටත් වූ පොලිස් නිළධාරීන් 600 ක් මරා දැමූ බවනම් සත්‍යයක් බව, ෆීල්ඞ් මාර්ෂල් පවසයි.

කරුණා අම්මාන් විසින් කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින්, ඔහු, හමුදා අධිකරණයට ඉදිරිපත් කළ හැකිබවද සරත් ෆොන්සේකා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + six =