ඒඩ්ස් සුව කළ හැකියි…!

0
175
- Advertisement -

එච්.අයි.වී ආසාදිත වූවන් මිලියන 37 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලෝකය පුරා සිටිති. ඔවුන්ගෙන් මිලියනයක පමණ පිරිසක් වසරක් තුළ දී මිය යයි. එච්.අයි.වී ඒඩ්ස් සුව කළ නොහැකි රෝගයක් බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණි. නමුත්, ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ දෙවන රෝගියා පිළිබදව ලන්ඩනයෙන් වාර්තා වේ. මීට පෙරද, ඒඩ්ස් සම්පූර්ණයෙන්ම සුව කළ එක් රෝගියෙකු ජර්මනියේ බර්ලින් නුවරින් වාර්තා වී තිබුණි. ඒ, මීට වසර දහයකට පෙර වීම විශේෂිතය. පළමු රෝගියා සුව කිරීම සදහා යොදාගත් ප‍්‍රතිකාරම දෙවන රෝගියා සුව කිරීම සදහාද යොදාගෙන තිබුණි. සියළු එච්.අයි.වී ආසාධිතයන් සදහා මෙම නව ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කිරීමට තව කොපමණ කාලයක් ගත වේ දැයි කිව නොහැක ය. නමුත්, කිසිදු ප‍්‍රතිකර්මයක් නොතිබුණු ඒඩ්ස් රෝගය සුවපත් කිරීම සදහා ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයා ගැනීමට වෛද්‍යවරු සහ විද්‍යාඥයන් සමත් වීම, මනුෂ්‍ය වර්ගයා ලබා ගත් සුවිශාල ජයග‍්‍රහණයක් බව සදහන් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 16 =