ඒකෙනුත් වාසිය ඩඩ්ලිලාට.
ගැසට් එකේ ගණන්වලට හාල් දෙන්න බෑ කියා
සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියෝ
සහල් නිෂ්පාදනයෙන් ඉවත් වෙති.
රජය විසින් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, සුදු/රතු සම්බා සහල් කිලෝව රුපියල් 94 ක මිලකට ද, සුදු / රතු නාඩු සහල් කිලෝව රුපියල් 92 කට ද, සුදු සහ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 89 ක්ද වන පරිදි උපරිම මිලකට යටත්ව වෙළද පොළට නිකුත් කළ යුතුව තිබේ.
කෙසේ වෙතත්, මෙම මිල ගණන්වලට අනුව සහල් වෙළද පොලට නිකුත් කළ නොහැකි බව, සුළු හා මධ්‍යම පරිමාන සහල් මෝල් හිමියෝ පවසති.
තමන් වී මිලදී ගෙන ඇත්තේ, වැඩි මිලකට නිසා, මෙම මිල ගණන්වලට සහල් අලෙවි කිරීමට සිදු වුවහොත්, එක් සහල් කිලෝවකින් රුපියල් 24-25 ක් පාඩු වන බව ඔවුන් පවසති.
මේ හේතුව නිසා, අද සිට තමන් සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බව, සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා පවසා තිබේ.
රජයේ මෙම අළුත් ගැසට් පත්‍රයෙන්, සුළු හා මධ්‍යම පරිමාණයේ හාල් මෝල් හිමියන් 700 ක් පමණ අසීරුතාවයට පත්ව සිටින බව ඔහු පවසයි.