එෆ්.බී පෝස්ට් එක නිසා තරුණයා හිරේ යයි.

0
862
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනය බලා පියාසර කළ ගුවන් යානාව, අතර මගදී අනතුරට ලක්ව විනාශ වී ගොස් ඇති බවට ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සිය ෆේස් බුක් ගිණුමේ පළකළ තරුණයෙකු ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර තබන්නට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඊයේ තීරණය කර තිබුණි. අදාල තරුණයා, ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකි. රට තුල පවතින වාතාවරණය තේරුම් නොගෙන වගකීම් විරහිතව හැසිරීම නිසා ඔහුට ඇප ලබා දීම මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රතික්ෂේප කර තිබුණු බව වාර්තා වේ.