එස්.ටී.එෆ් ප‍්‍රධානියා පත් කිරීමේ සටනින් ජනපති පැරදී – අගමැති ජයගනී.

0
2148
- Advertisement -

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී තනතුරට තමන්ට සමීප නිලධාරීයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර තිබූ සීතල යුද්ධයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජයග්‍රහණය කළේ ය. ඒ පසුගිය 06 වැනිදා ජාතික පොලිස් කොමිසමේ පැවති රැස්වීමෙන් පසුව ය.

විශේෂ කාර්ය බළකා ප්‍රධානී තනතුරට වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර තිබුණේ, බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමීප නිලධාරීයෙකි. එහෙත්, අගමැති මහින්ද රාජපක්ෂ විසින් එම තනතුරට නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ නම යෝජනා කර තිබිණි. මහින්ද පාර්ශවයෙන් අවධාරණය කර තිබුණේ, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම බළකායේ සේනා විධායක තනතුර දරන කාලයේ එහි නියෝජ්‍ය සේනා විධායක තනතුර දැරුවේද ලයනල් ගුණතිලක බවයි. මේ ආකාරයට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් පොලිස් කොමිසමට ඉදිරිපත් වී තිබූ අතර, 06 වැනිදා පැවැති කොමිසමේ රැස්වීමේදී වැඩබලන පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබුණේ, අදාළ තනතුරට ලයනල් ගුණතිලක පත්කිරීමට ය. මෙම පත්කිරීම කළ යුත්තේ, පොලිස්පත්වරයා විසිනි.

මෙම අර්බුදය නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරීන්ද විවිධ උපක්‍රම යොදා ගනිමින්, නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනාගේ සුදුසුකම් පිළිබඳන ප්‍රචාරය කරමින් සිටිති. පුවත්පත මුද්‍රණයට යනතුරු පොලිස්පතිවරයා මෙම පත්කිරීමට අදාළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර තිබුණේ නැත.

lanka truth.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + one =