එස්බීගේ සහ මහින්දගේ තටු කපයි.

0
871
- Advertisement -

ඊයේ රැස් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව, පක්ෂ විනය උල්ලංඝණය කළ මහජන නියෝජිතයන්ට එරෙහිව පියවර ගැනීමට තීන්දු කර තිබේ.

ඒ අනුව, පක්ෂයේ අනුමැතියකින් තොරව පොහොට්ටු පක්ෂයේ සම්මේලනයට සහභාගී වු එස්.බී. දිසානායක සහ මහින්ද සමරසිංහ යන මහත්වරු ඔවුන් මෙතෙක් පක්ෂය තුළ දැරූ තනතුරුවලින් ඉවත් කර තිබේ.

එස්.බී. දිසානායක මහතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙසත්, මහින්ද සමරසිංහ මහතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් සිටියේ ය. එස්.බී. වෙනුවට, පක්ෂයේ උපසභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාත්, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වීරකුමාර දිසානායක මහතාත් පත් කර තිබේ.

මීට අමතරව පක්ෂයේ උපසභාපතිවරයෙකු ලෙස තිලංග සුමතිපාල මහතාත්, පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාත් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 15 =