එල් චැපෝ ජීවිතාන්තය දක්වා හිරගෙට.

0
506
- Advertisement -
Share

මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඞ් ෆාදර් ලෙස සැලකෙන ”එල් චැපෝ” ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඇමරිකානු ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් විශුද්ධිකරණය ඇතුළුව චෝදනා දහයකට ඔහු වරද කරු බවට පත් විය.

2015 වසරේ දී, සිරකුටියට උමඟක් කපා, ඉන් පැන ගත් නමුත් නැවත ඔහු අත් අඩංගුවට පත් විය.

ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමට අමරතව, ඇමරිකානු ඩොලර් බිලියන 12.6 ක දඩ මුදලක් ගෙවීමට ද ඔහුට නියම විය.

ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේ දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ජීවිතය පිළිබඳව පුදුම සහගත තොරතුරු හෙළි දරව් විය.

ඔහු ඇතැම් අවස්ථාවලදී, බලහත්කාරයෙන් හොරොයින් පොවා, වයස අවුරුදු 13 පමණ ගැහැණු දැරිවියන් දූෂණය කර තිබේ.

තව එක් සාක්ෂි කරුවෙකු ලබා දුන් සාක්ෂියකට අනුව, එල් චැපෝ මිනිසුන් තුන් දෙනෙකු මරා දමනවා ඔහු ඔහුගේ ඇස් දෙකෙන්ම දැක තිබේ.

තවත් අවස්ථාවක, මේ බිහිසුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා, පුද්ගලයන් දෙදෙනෙකු මරා ඔවුන් දෙදෙනා ගිනි තියා තිබේ.

තමන්ට අතට අත නොදුන්නා කියා තවත් අයෙකු ඝාතනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =