එල්ලා මරන්න නියම වූ ලැයිස්තුව පිට වේ.

0
1306
- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත් අඩංගුවට ගෙන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනෙකුට එරෙහිව තමන් මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බව පසුගිය දා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ ය. නමුත්, මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරන ලද සිව් දෙනාගේ නම් ඇතුළත් ලේඛණය මේ වන තෙක්, බන්ධනාගාරයට ලැබී නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් වෙයි. කෙසේ වෙතත්, දැනට බන්ධනාගාර ගත වී සිටින, මරණ දඩුවම නියම වූ විසි දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපතිවරයා විසින් මරණ දඩුවම ලබා දීම සඳහා තෝරා ගෙන ඇත්තේ අදාල විසි දෙනාගෙන් සිව් දෙනෙකු බව පැවසේ. නීතිපති විසින් ජනාධිපති වෙත යොමු කර ඇති විසි දෙනාගේ නාම ලේඛනය අප සතුව ඇතත්, සදාචාරාත්මක හේතු මත අදාල නාම ලේඛනය හෙළිදරව් නොකර සිටීමට අපි තීරණය කළෙමු. මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට බොහෝ පාර්ශ්ව වෙතින් විරෝධය එල්ල වී තිබේ. සිවිල් කි‍්‍රයාකාරීකයෙකු සහ මාධ්‍යවේදීයෙකු වූ මාලින්ද සෙනෙවිරත්න මහතා, මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තිබේ.