එල්පීඑල් නො ගසන බව මාලිංග කියයි. පුහුණුවීම් සදහා නිසි කාලයක් ලබා නො දීම තීරණයට හේතුවයි.

0
172
- Advertisement -
Share
4 / 100

එල්පීඑල් නො ගසන බව මාලිංග කියයි.
පුහුණුවීම් සදහා නිසි කාලයක් ලබා නො දීම තීරණයට හේතුවයි.

එළැඹෙන නොවැම්බර් විසි හයවනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සදහා තමන් ක‍්‍රීඩා නොකරන බව, ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසා තිබේ.

මාස අටකට ආසන්න කාලයක් කිසිදු පුහුණුවක් ලැබීමට නොහැකි වීම, මෙසේ තරගාවලියට සහභාගී නොවී සිටීමට ඔහු ගත් තීරණයට හේතුව වී ඇති බව වාර්තා වේ.

ලසිත් මාලිංග ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම සදහා ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

වේග පන්දු යවන ක‍්‍රීඩකයෙකුට, නිසි පුහුණුවකින් තොරව පන්දු යැවීම කළ නොහැකි බවයි මාලිංග පවසන්නේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර, සති තුනක කාලයක් හෝ පුහුණුවීම් සදහා අවස්ථාව ලැබේ යැයි තමන් බලාපොරොත්තු වූ නමුත්, පුහුණුවීම් සදහා එවැනි කාලයක් තමන්ට නොලැබුණු බව මාලිංග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 9 =