එරාවුර් සිවිල් වැසියන්ට හිරිහැර කළ හමුදා සෙබළුන්ගේ සේවය අත්හිටුවයි.

0
834
- Advertisement -

එරාවුර් සිවිල් වැසියන්ට හිරිහැර කළ
හමුදා සෙබළුන්ගේ සේවය අත්හිටුවයි.

එරාවුර් ප‍්‍රදේශයේ සිවිල් පුරවැසියන් පිරිසකට හිරිහැර කිරීමේ චෝදනාවට සම්බන්ධ හමුදා සෙබළුන්ගේ සේවය, යුද හමුදාපතිවරයාගේ නියෝගය මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා උල්ලංඝණය කළ එරාවුර් ප‍්‍රදේශයේ පුරවැසියන් පිරිසක් බිම දණ ගස්සවා ඔවුන්ට අත් ඔසවාගෙන සිටින ලෙසට මෙම හමුදා සෙබළු විසින් නියෝග කර තිබේ.

මෙම අමානුෂික දඩුවමට අදාල ඡුායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංචරණය වීමෙන් පසුව හමුදා පොලිසිය මගින් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා, වැරදිකරුවන් වන හමුදා සෙබළුන්ට දැඩි විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව හමුදාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 6 =