“එම්.සී.සී. අත්සන් කිරීම ඡන්දෙන් පස්සේ.” ඇමරිකානු තානාපතිනිය කියයි.

0
3718
- Advertisement -
Share

එම්.සී.සී. අත්සන් කිරීම ඡන්දෙන් පස්සේ.
ඇමරිකානු තානාපතිනිය කියයි.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණය, අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව තීරණය කරනු ඇති බව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසා තිබේ.

ගිවිසුම සමාලෝනය කිරීම සදහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට ගත් තීරණය තමන් අගය කරන බව ද තානාපතිනිය පවසයි.

එම්.සී.සී. ගිවිසුම යටතේ, ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලංකාවට ලබා දීමට නියමිත ය.

මෙම ප්‍රධානය ලබා දෙන්නේ, ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය වඩාත් ක්‍රමවත් කිරීම වෙනුවෙනි.

සමස්ත ව්‍යාපෘතියම වසර පහක කාලයකට පමණක් අදාල වන අතර, ඉන් ඔබ්බට එම්.සී.සී ගිවිසුමට වලංගු භාවයක් නැති බවද තානාපතිනිය සදහන් කර තිබේ.

ඬේලිමිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 5 =