“එම්.සි.සී ගිවිසුමට අදාලව මුදල් ලබා ගත්තේ කවුද..? වහාම හෙළිකරනු.” රුවන්ගෙන් අගමැති මහින්දට අභියෝගයක්.

0
777
- Advertisement -

“එම්.සි.සී ගිවිසුමට අදාලව මුදල් ලබා ගත්තේ කවුද..?
වහාම හෙළිකරනු.”
රුවන්ගෙන් අගමැති මහින්දට අභියෝගයක්.

එම්.සී.සී ගිවිසුමට අදාල මුල් ගිවිසුම් කිහිපයක් පසුගිය රජය විසින් අත්සන් තබා ඇති බවත්, එම්.සී.සී ප්‍රදානයට අදාලව යම්කිසි මුදල් ප්‍රමාණයක් එම රජය ලබාගෙන ඇති බවත්, එම්.සී.සී ගිවිසුම පිළිබදව සොයා බැලීම සදහා පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය.

ඔහු ඒ බව පවසා සිටියේ, විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වමිණි.

මහාචාර්යවරයාගේ මෙම චෝදනාව පැවති රජය නියෝජනය කරමින්, එක්සත් ජාතික පක්ෂය එකහෙළා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එජාප මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබන මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

2020.06.27
ප්‍රවෘත්ති නිවේදනය

ඇමෙරිකානු පුරවසියෙකු ද ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරයා MCC ගිවිසුම පිළිබද තම ස්ථාවරය රටට දැනුම් දිය යුතුයි.

බොරු චෝදනා එල්ලකරමින් මෙවරත් ජනතාව නොමග යැවීමට ආණ්ඩුව උත්සහ දරනවා.

MCC ගිවිසුමට අදාලව කිසියම් පාර්ශවයක් මුදල් ලබාගෙන ඇත්නම් වහා රටට හෙළි කරන්න.

  • එජාප නියෝජ්‍ය මහා ලේකම්වරයාගෙන් ජනපති – අගමැති ප්‍රමුඛ රජයට අභියෝගයක්.

විපක්ෂයට බොරු චෝදනා එල්ල නොකොට MCC ගිවිසුම පිළිබද රජයේ පැහැදිලි ස්ථාවරය ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

රුවන් විජයවර්ධනමහතා මේ අදහස් පල කලේ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදාන නිවසේ පවතී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට අද පෙරවරුවේ එක්වෙමින්.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙවරත් MCC ගිවිසුම පිළිබද කරුණු ඇදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සදහා කටයුතු කරන තැනට ජනාධිපතිවරයාද පත් වීම කණගාටුදායක තත්වයක් බවයි විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය රජය විසින් MCC ගිවිසුමට අදාලව ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල කරමින් කටයුතු කරන කණ්ඩායම වහාම එලෙස මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබද රටට හෙළි කල යුතු බවට අභියෝගයක්ද විජයවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට එල්ල කළා.

MCC ගිවිසුමට අදාලව කිසිදු මුදලක් පසුගිය රජයට ලබා නොදුන් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් ද සිදුකර ඇති මොහොතක රාජපක්ෂ පාලනය විසින් අභූත චෝදනා එල්ල කරමින් සිටීම කණගාටුදායක තත්වයක් බව පෙන්වාදුන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා MCC ය හරහා මෙම ආධාර ප්‍රදානය ලබා ගැනීමට මුල්ම ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව හෙළිවී ඇතැයි ද සදහන් කළා.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =