එන්න පුළුවන් කවද්ද? තේරීම් කාරක සභාව ජනාධිපතිගෙන් අසයි.

0
476
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කිරීමට නියමිත බව වාර්තා වේ.

තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිය හැකි දිනයක් පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට කමිටුව සූදානමින් සිටින බව පැවසේ.

හෙට, අගෝස්තු මාසයේ 06 වන දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත.

අග‍්‍රාමාත්‍යවරයාට අමතරව, හිටපු, නීතිය හා සාමය භාර අමාත්‍යවරුන් වූ, සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාද සාක්ෂි ලබා දීම සඳහා හෙට දිනයේ පැමිණෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =