එන්නත විදගන්නවා ද? නැත්තං හිරේ යනවද…? පිලිපීන ජනාධිපති පුරවැසියන්ගෙන් අසයි.

0
320
- Advertisement -

එන්නත විදගන්නවා ද?
නැත්තං හිරේ යනවද…?
පිලිපීන ජනාධිපති පුරවැසියන්ගෙන් අසයි.

එන්නත විද නොගන්නා පුද්ගලයන් තමන් හිරේට යවන බව, පිලිපීන ජනාධිපති ෆෙඞ්රිගෝ දුතාර්තේ පවසයි.

මේ වන විට, පිලිපීනය තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේධය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන අතර, ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 138 දෙනෙකු මරණයට පත් ව තිබේ.

සංචරණ සීමා පනවා තිබූ අවදියේ දී සංචරණ සීමා උල්ලංඝණය කරන්නන්ට වෙඩි තබන ලෙස පිලිපීන ජනාධිපතිවරයා නියෝග කර තිබුණි. පසුව වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළ බවට ද වාර්තා විය.

පිලිපීනයේ මිලියන 110 ක ජනගහනයක් සිටියි. පළමු මාත‍්‍රාව ලබා ගත් පුරවැසියන් සංඛ්‍යාව මිලියන 6.2 කි. මාත‍්‍රා දෙකම ලබා ගත් පිරිස මිලියන 2.15 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + ten =