එන්නතේ ආරක්ෂාව මාස 6ක් පමණයි ඇමරිකානු හා ඊශ‍්‍රායලය තෙවැනි මාත්‍රාවත් අරඹයි

0
89
- Advertisement -

කොරෝනා වසංගතය වෙනුවෙන් දැනට බහුලව බටහිර දියුණු රටවල භාවිතා කරන ‘‘ෆයිසර්’’
හා ‘‘ මොඩර්නා ’’ එන්නත් මිනිස් ශරීරය තුළ බලපවත්වමින් රෝගයට එරෙහිව ක්‍රියාත්මක වන
සක්‍රීය කාලය මාස 6ක් බව ඇමරිකානු හා ඊශ‍්‍රායෙල් වෛද්‍ය විද්‍යාඥයෝ පෙන්වා දෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. කොරෝනා වසංගතය ලෝ පුරා පැතිරෙද්දී එයට
එරෙහිව ක්‍රියාත්මක කරන එන්නතක් සොයාගැනීමේ ලා ඊශ‍්‍රායෙල් විද්‍යාඥයන් පෙරමුණේම සිටි නිසා ඔවුන් කළ මෙම ප්‍රකාශය සැහැල්ලූවෙන් නොතකා හැරිය හැක්කක් නොවේ.
ඔවුන් පවසන ආකාරයට කොරෝනා රෝගය විටින් විට තම ස්වභාවය වෙනස් කරමින්,
විකෘතිතා හා නව ප්‍රබේධ ඇති කරන නිසා එය සාමාන්‍ය තත්වයක් ලෙස සැලකිය නොහැකි බවයි. එබැවින් ඊශ‍්‍රායෙල් හා ඇමරිකාන ු වෛද්‍ය විද්‍යාඥයන් පවසන්නේ මෙම එන්නත ලබාදී
මාස 6ක් ගතවීමෙන් පසුව අනිවාර්‍යයෙන්ම ‘‘ප්‍රවර්ධන එන්නත්’’ ලබාදීම සිදු කළ යුතු බවයි.
කිසියම් රෝගයක් වෙනුවෙන් ඖෂධයක් සොයාගැනීමේදී ඒ පිළිබඳව දීර්ඝ කාලීනව පර්යේෂණ
කිරීම වෛද්‍ය විද්‍යාවේ සම්ප්‍රදායයි. ඒ එයින් ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ හෝ ප්‍රතිවිපාක කුමක්දැයි සොයා බැලීමේ අරමුණිනි. එහෙත් කොරෝනා වසංගතය ලෝකය පුරාම
රැල්ලක් ලෙස එක්වරම හඹාගෙන යද්දී සියල්ල පසෙක ලා ඒ වෙනුවෙන් නව ප්‍රතිශක්තීකරණ එන්නතක් සොයාගන්නට ලෝකයේ බොහෝ ප්‍රධාන පෙළේ රටවල් උත්සහ කළහ. මොඩර්නා
හා ෆයිසර් එන්නත් ඒ අනුව නිපදවූ එන්නත් වර්ග දෙකකි. ලෝක සෞඛ්‍ය සංවිධාන‍යේ අනුමැතිය මෙම එන්නත් සඳහා හිමි වී ඇත්තේ පවතින ව්‍යාසනකාරී තත්වය මැඩපැවැත්වීමට
අවස්ථානුකූල පිළිතුර එය නිසාය. එසේ වුවද තෙවැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවය ලෝක
සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නොමැත. එසේ වුවද ඇමරිකාව හා ඊශ්‍රායලය මේ වනවිටත් තෙවැනි එන්නත තම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබේ. ඇමරිකාව මෙම තෙවැනි
මාත්‍රාව ලබාදෙන්නේ අවුරුදු 65ට වැඩි පුද්ගලයන් හට වීම විශේෂිත කරුණක් ලෙස දැක්විය හැකිය. ඒ ඔවුන්ගේ ඉදිරි ආයු කාලය හා, ඵලදායීතාව සැලකිල්ලට ගනිමිනි. එසේ වුවද
ඊශ‍්‍රායලය තම රටේ වයස අවුරුදු 18ට වැඩි සියලූම දෙනාට තෙවැනි මාත්‍රාව ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ ‘‘ෆයිසර්’’ එන්නත පමණකි.
දැනට ලංකාවේ භාවිතා කෙරෙන ‘‘සයිනොෆාම්’’ එන්නත චීනයේ නිෂ්පාදනයක් වන අතර, එයද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ එන්නතකි. එහෙත් ථි තෙවැනි මාත්‍රාවක් පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ කිසිදු නිල ප්‍රකාශයක් ලබා දී නැත. මෙවන් තත්වයක්
යටතේ ෆ‍යිසර්, මොඩර්නා එන්නත් පිළිබඳ වැඩි විශ්වාසයක් අද වනවිට කිසිදු පදනමක් නොමැතිව අපේ ජන සමාජ‍යේ නිර්මාණය වෙමින් තිබේ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්
ඇතුළු තරුණ පරපුර එන්ටනත්කරණයට දක්වන අකමැත්ත හා අලසකාරි භාවය මෙහිදි කැපී පෙනෙන කරුණකි. මේ නිසා තරුණ පරපුර තුළ ඇතිවෙමින් පවත්නා දුර්මත දුරුකිරීමත්,
එන්නත්කරණයට මුළුමුනින්ම වසංගතයෙන් ආරක්ෂාවීමට සියලූ වගකීම් පැවරීමත් යහපත් නොවන බව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + eighteen =