එන්නත්කරණ වැඩසටහන අයාලේ යනවා ද..?

0
297
- Advertisement -

එන්නත්කරණ වැඩසටහන
අයාලේ යනවා ද..?

රජයේ එන්නත්කරණ වැඩසටහන පිළිබදව, සෞඛ්‍ය විශේෂඥයන් බරපතල ලෙස කණස්සල්ල ප‍්‍රකාශ කර තිබෙන බව අද ඬේලි මිරර් පුවත්පත මුල් පිටුවේ වාර්තා කර තිබේ.

එන්නත්කරණ වැඩ සටහන ආරම්භ වූ අවස්ථාවේ දී ඒ සදහා ලියාපදිංචි වීමට, වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අමාත්‍ය ධූරය දරන අමාත්‍යංශය මගින් හදුන්වා දුන් වෙබ් අඩවිය මේ වන විට අක‍්‍රිය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, වැඩි අවදානමක් සහිත ප‍්‍රජාව වෙත එන්නත්කරණ වැඩසටහනේ දී ප‍්‍රමුඛතාවය ලබා දෙන බව පැවසූව ද මේ වන විට එය නොතකා හැර තිබෙන බවක්ද පෙනේ. විශේෂයෙන් ම, එන්නත්කරණ වැඩසටහන සදහා සහභාගී විය හැකිකේ, වයස අවුරුදු 30-60 අතර වයස් ඛාණ්ඩයට අයත් පුද්ගලයන්ට බව පැවසීමෙන්,වඩාත් අවදානම් සහගත ප‍්‍රජාව වන වයස අවුරුදු 60 න් ඉහල පුද්ගලයන් නොතකා හැරීමට ලක් කර තිබෙන බව පැවසේ.

වසංගතය හේතුවෙන් මෙරට තුළ මෙතෙක් මියගොස් ඇති අයගෙන් බහුතරය, වයස අවුරුදු 60 ඉක්මවූවන් ය.