“එතන තමයි බුවනෙකබා රජ්ජුරුවෝ නඩු ඇහුවේ.” පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.

0
4162
- Advertisement -
Share

එතන තමයි බුවනෙකබා රජ්ජුරුවෝ නඩු ඇහුවේ.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.


බුවනෙක හෝටලය පිහිටි ගොඩනැගිල්ල බුවනෙක රජු විසින් සාදන ලද එකක් බවට සෙල්ලිපිවල නැති වුවත්, එය එතුමාගේ කාලයේ රජවරු නඩු අසන ලද තැනක් බවට ජනසම්පතයේ දැක්වෙන බව, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ, සති අන්ත රාවය පුවත් පත සමගයි.

ජනසම්මතය අත් හැරිය නොහැකි බවත්, එය අඛණ්ඩව පැවත එනදෙයක් බවත් උන්වහන්සේ පවසති. අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි ලෙස සැලකෙන හෙයින් මෙම ගොඩනැගිල්ල ඩෝසර් කිරීම අනුමත කළ නොහැකි බවත්, කුරුණෑගල රාජධානියට අයත් ඉපැරණි ගොඩනැගිලි පවතින්නේ අඩුවෙන් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 19 =