එට්කා යළි කරළියට.

0
252
- Advertisement -

එට්කා යළි කරළියට.

ඉන්දු ලන්කා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබදව සොයා බැලීමට රජය තිරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර, සදුදා දිනයේ දී ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය යහපාලන රජය සමයේ දී ද එට්කා අත්සන් කිරීමේ සූදානමක් පැවති අතර, එවකට විපක්ෂය වූ දැන් ආණ්ඩු පක්ෂයට සහාය පළ කළ පිරිස් සහ තවත් පාර්ශ්වයන් රැසකගෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ එය හකුලා ගැනීමට සිදු විය.

මේ පිළිබදව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සදහන් කලේ, වෙළද ගිවිසුම් රැසක් පිළිබදව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බවයි.