එජාප මැති ඇමතිලාගේ රහස් ලිපිගොනු රැසක් අරලියගහ මන්දිරයේ තිබී හමු වූ බව කියන ප‍්‍රවෘත්තිය සත්‍යයක්…!

0
468
- Advertisement -

එජාප රජයේ මැති ඇමතිවරුන්ට අයත් රහස් ලිපිගොනු රැුසක්, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්, අරලියගහ මන්දිරයේ දමා ආ පුවතක්, පසුගිය සතියේ වාර්තා විය.
සන්ඬේ ටයිම්ස් පුවත්පත මුල්වරට වාර්තා කර තිබුණු එම පුවතේ සත්‍යතාවක් නැති බව, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුව ප‍්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, දෙසැම්බර් 08 වන ඉරිදා සනඬේ ටයිම්ස් පුවත්පත, ඔවුන්ගේ ප‍්‍රවෘත්තියේ සත්‍යතාවය යළිත් තහවුරු කර තිබේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ හිටපු අමාත්‍යවරු සම්බනධ වූ ගනු දෙනු පිළිබද රහස් ලිපිගොනු රැුසක් අරලියගහ මන්දිරයේ තිබී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමු වී තිබේ.

තමන් එම ලිපිගොනු අධ්‍යයනය කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =