එජාප මහලේකම්ගෙන් වත්මන් අර්බුදය ගැන නිවේදනයක්.

0
570
- Advertisement -

එළැඹෙන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාපය තුළත් එජාපය හා සම්බන්ධ වී සිටින අනෙකුත් පක්ෂ අතරත් අර් බුදයක් නිමාණය වී ඇති බව පෙන්වීමට බොහෝ දෙනා උත්සාහ කළද සැබැන්ම එවැනි තත්ත්වයක් නැති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එජාපය මූලිකත්වය ගෙන ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන එක්සත් ජාතික පෙරමුණ ගොඩ නැගීමේ කටයුතු මේ වන විටත් අවසන් අදියර කරා පැමිණ ඇති බව පවසන පක්ෂයේ ලේකම්වරයා ඉතාම නුදුරු දිනෙකදී අදාල පෙරමුණ ගොඩ නගන බවද පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වීමට සූදානමින් සිටින අනෙකුත් පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ලබා දී තිබේ.

පක්ෂය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් අනුගමනය කරමින්, පක්ෂ ව්‍යවස්ථාවටද ගරු කරමින් අපේක්ෂකයා නම් කරන බවත්, අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ඔහු හෝ ඇය ජයග‍්‍රහණය කරවීම සදහා වැඩ කරන බවත් පක්ෂ මහලේකම් පවසයි.