එජාප නියෝජ්‍ය නායකක ධුරය චම්පිකට..!

0
1042
- Advertisement -

සජිත් පේ‍්‍රමදාස මහතා එකාපජයේ නායකත්වයට පතවන පසුබිමක, නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරය ලබාදෙන්නේ නම් එජාපයට එක්වීමට ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය චම්පික රණවක සූදානමින් සිටින බව රාවය පුවත්පත වාර්තා කරයි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා රාවය සමග පවසා ඇත්තේ, තමන්ගේ නායකයාට එක්සත් ජාතික පක්ෂය හා එක්වන ලෙසට එජාපයේ ප‍්‍රධාන පෙලේ නායකයන් බොහෝ දෙනෙකුගෙන් ආරාධනා ලැබී ඇති බවයි.

එජාපයේ නායකත්වය සහ අනෙකුත් ප‍්‍රධාන තනතුරුවල වෙනසක් සිදු වන්නේ නම් සහ එම පක්ෂය මෙහෙයවීමට ගෞරවණීය ආරාධනාවක් ලැබෙන්නේ නම් තමන්ගේ නායකයා හෙළ උරුමයෙන් නිදහස් කිරීමට එහි මධ්‍යම කාරක සභාව සූදානම් බවද නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා රාවය සමග පවසා තිබේ.