එජාපය හිරු වර්ජනය කරයි.

0
134
- Advertisement -

මේ මැතිවරණ සමයේ, හිරු නාලිකාව, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා වෙනුවෙන් මාධ්‍ය සදාචාර තුට්ටුවකට හෝ මායිම් නොකර, පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබේ.

එවැනි තත්ත්වයක් යටතේ, හිරු නාලිකාව වර්ජනය කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති සැටියක් පෙනී යයි. ඊයේ පැවති බලය දේශපාලන වැඩ සටහන සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමති දෙපොළකට ආරාධන කර තිබුණද, එකදු සාමාජිකයෙක් හෝ පක්ෂය නියෝජනය කරමින් පැමිණ තිබුණේ නැත. විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් උදය ගම්මන්පිල සහ රෝහිත අබේගුණවර්ධන අය අය සහභාගී සිටියේ ය. ඔවුන් සමග වාද විවාද කිරීමට හෝ සංවාද කිරීමට කිසිවෙකු සිටියේ නැත. සුදේව හෙට්ටිආරච්චි මහතා ඔවුන් දෙදෙනා සමග පැය එක හමාරක් පමණ වේලා තනිව සාකච්ඡුා කරමින් සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − seven =