“එජාපය සහ සමගි ජන බලවේගය ඉදිරියේ දී එකතු වේවි.”
රුවන් විජේවර්ධන.
දැනට වෙන්ව සිටියද, එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඉදිරියේ දී එකට එකතු වීමේ හැකියාවක් පවතින බව, එජාප නියෝජ්‍ය මහලේකම්, රුවන් විජේවර්ධන සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන්, සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ අදහස් පළ කර තිබුනි.