එජාපය දෙකඩවන ලකුණු..! සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරයි.

0
343
- Advertisement -
Share

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.

මේ අතර, අද පස්වරුවේ රැස්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව වර්ජනය කිරීමට, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ.

පක්ෂ විනය උල්ලංඝණය කළ බව පවසමින්, පක්ෂයේ සජිත් පාර්ශ්වයට සම්බන්ධ සාමාජිකයන් සිව් දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ නායකත්වය ගෙන තිබෙන තීරණයට විරෝධය පෑමක් ලෙස, සජිත් පාර්ශ්වය මෙම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කොළඹ පුරපති රෝසි සේනානායක සහ ඉමිටියාස් බාකිර් මාකර් යන අය මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =