එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර අවසන් – Mano Ganesan

0
872
- Advertisement -

ඊයේ පිළියන්දල ප්‍රදේශයේ පැවැති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් අදක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරිම සම්බන්ධයෙන් එජාපය තුළ කිසිදු ගැටුමක් නොමැති බවයි.

එජාපය තුළ නිතර සංවාද ඇති වුවද කිසිදු අර්බුදයක් නොමැති බවත්, විපක්ෂයේ පිරිස් එජාපය තුළ ප්‍රශ්නයක් ඇති බවට මතයක් නිර්මාණය කරන බවත් ඔහු පවසනවා.

එජාපයේ අපේක්ෂයා නියමිත වේලාවට ඉදිරිපත් කරන බව පවසමින් ඔහු කියා සිටියේ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරිමට ඔවුන් ඉක්මන් වුවා වැඩියි යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර අවසන් බවයි.