එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනහය අධිකරණය ඉවත දමයි.

0
275
- Advertisement -
Share

එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව
රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනහය
අධිකරණය ඉවත දමයි.

සමගි ජන බලවේගය මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර විසින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කිරීමට එරෙහිව දිසා අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සිවිල් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද(21) සිවිල් අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කරමින් රුපියල් 25000 ක මුදලක් විත්තිකරුවන්ට (එක්සත් ජාතික පක්ෂ නායක,උපනායක සහ මහලේකම්) ගෙවන ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ මිස්බා සතාර් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර,නීතිඥ නියෝමාල් පැල්පොල රවි කරුණානායක මහතා සඳහාද නීතිඥ විරාජ් ද සිල්වා මහතා අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන්ද පෙනී සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − seven =