ඌව පළාත තුළ පවත්වාගෙන යමින් තිබූ අල්-මුස්තාෆා විශ්විද්‍යාලය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඌව පළාත් සභාව තීරණය කර ඇත.
මෙම තීන්දුව ගෙන ඇත්තේ පළාත් අධ්‍යාපන ඇමති සෙන්දිල් තොණ්ඩමන්ගේ යෝජනාවක් අනුවයි.
යෝජනාව සඳහා පලාත් සභාවේ එක්සත් ජනතා සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එකඟතාව පළ කර තිබේ.