එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගැන ලියූ තරුණයා රිමාන්ඩ් කරන ලෙස සී.අයි.ඩිය ඉල්ලයි. අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි.

0
690
- Advertisement -

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගැන ලියූ තරුණයා
රිමාන්ඩ් කරන ලෙස සී.අයි..ඩිය ඉල්ලයි.
අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි.


කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රවෘත්තියක් සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණයෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.

සැකකරු අක්මීමන ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව රජය විසින්ම එහි ගෙන්වා, මුහුදු බත් වීමට සලස්වා ඇත්ද යන සැකය, අදාල තරුණයා ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් මතු කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

විමර්ෂණ කටයුතු අවසන් කරන තුරු සැකකරු බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇතත්, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත තරුණයා නිදහස් කරන ලෙද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

විමර්ෂණ කටයුතු අවසන් වනතෙක් නැවත සිය ෆේස් බුක් පිටුව හා සම්බන්ධ නොවන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා තරුණයට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා, සිය සේවාදායකයා කිසිදු ව්‍යාජ ප‍්‍රවෘත්තියක් පළ කර නැති බව අධිකරණය හමුවේ පවසා තිබේ.

newswire.lk ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 5 =