එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට

0
616
- Advertisement -
Share

කුලී පදනම මත ගබා ගන්නා සුඛොපභෝගී වාහනවල කොටස් ගලවා විකිණීම සහ එම රථ වාහන වලට අදාල කුලී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ලද පැමිනිලි 14 ක් මත හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීවරයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශණ ඒකකය පවසනවා.

මෙම සැකකරු සිය මව සහ බිරිඳගේ මවගේ නමින් ලියාපදංචි කර පවත්වාගෙන ගිය ආයතනයක් සදහා කුලී පදනම මත ලබා ගන්නා සුඛෝපභෝගී රථ වාහන වලට ගෙවිය යුතු කුලී මුදල් නොගෙවමින් මාස කිහිපයක් ගත කර එම රථ වල හිමිකරුවන් පොලිස් පැමිනිලි ඉදිරිපත් කිරීමත් සමග වාහනයේ මිල අධික කොටස් ගලවා තැනින් තැන අතහැර ගොස් තිබූ බවත් තවත් වාහන කිහිපයක්ම සම්පූර්ණයෙන්ම කොටස් ගලවා විකුණා ඇති බවත් සිදු කල විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

එම විමර්ශණයට අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම ඒකකය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හෝමාගම ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටි හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයෙක්.

මෙලෙස අදාල සැකකරු රථ වාහන කොටස් ගලවා විකුණූ රථ වාහන හිමි විහාරස්තානයක ස්වාමීන් වහන්සේ නමක් යුධ හමුදා නිළධාරියෙක් ඇතුළු 16 දෙනෙකු මෙම ඒකකයට පැමිනිලි ඉදිරිපත් කර ඇති අතර තවත් එවැනි වංචාවන්ට හසු වූ අය වෙතොත් මෙම ඒකකයට ඉදිරිපත් කරන ලෙස ද හෝමාගම විශේෂ අපරාධ විමර්ශණ ඒකකය දන්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − six =