එංගලන්ත කී‍්‍රඩාලෝලීන් අමාරුවේ වැටේ.

0
702
- Advertisement -
Share

2019 කි‍්‍රකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එංගලන්තය සහ නවසීලන්තය අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතය. ඉරණම්කාරී ලෙස, විම්බල්ඩන් කේවල පිරිමි [Wimbledon men’s singles] ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය ද එදිනම පැවැත් වේ. ඒ පමණක් නොවේ, බි‍්‍රටිෂ් ග‍්‍රෑන්ඞ් පි‍්‍රක්ස් [British Grand Prix] ෆෝර්මියුලා ධාවන තරඟය පැවැත්වෙන්නේ ද එදිනයි.

මෙය තරඟ සංවිධායකවරුන්ගේ වරදකින් සිදු වූවක් බවයි පැවසෙන්නේ.

මීට පෙර 2018 වසරේ දී ද මෙවැනිම අකරතැබ්බයකද එංගලන්ත වැසියෝ මුහුණ දුන්හ. ඒ වතාවේදී ප‍්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පැවති දිනයේ ම, විම්බල්ඩන් කේවල පිරිමි අවසන් මහා තරඟය පැවැත්විණි.

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරඟය එංගලන්ත ජාතිකයන්ට අතිශයින්ම වැදගත් ය. ඒ, මීට පෙර කිසිදු අවස්ථාවක ලේක කුසලානය දිනා නොගත් ඔවුන් මෙවර කුසලානය දිනාගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =