එංගලන්තයත් ඇමරිකාව ගිය පාරේ යයි. ලංකාවේ ඉහළ රාජ්‍ය නිළධාරීන් කීප දෙනෙකුටම එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කරයි.

0
656
- Advertisement -

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව, යුද අපරාධ චෝදනා එල්ල කරමින්, ඇමරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවූ ආකාරයට, ලංකාවේ ඉහළ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනෙකුට එරෙහිව එංගලන්ත රජයද එවැනිම තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙතෙක් නිල වශයෙන් මේ බව තහවුරු කර නැති වුව ද, නුදුරු දිනවලදී අදාල නාම ලේඛනය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව පැවසේ.

යුද හමුදාපති ධුරය සදහා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම යෝජනා කළ මොහොතේ, එංගලන්ත රජයද, ඔහුට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබදව සදහන් කර තිබුණි.

යුදහමුදාපතිවරයාට අමතරව, ඉහළ රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුගේ ම නම්, අදාල ලේඛනයට ඇතුළත් විය හැකි බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 14 =