උස් අසුන් පැනවීමේ ඉතිහාස කතාව.

0
1302
- Advertisement -

අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ පටු අදහස් වලින් හේදි යන්නේ මුළු මහත් දේශයයි. 

පසුගිය දා ති‍්‍රපිටකය ග‍්‍රන්ථාරූඩ කිරීමේ මහෝත්සවයේදි සියම්” අමරපුර හා රාමඤ්ඤ හා සියම් ත්‍රෛයි නිකායික භික්‍ෂුන් වහන්සේලාට ආසන පැමිණිවීම පිලිබඳ දැවැන්ත කතාබහක් සමාජ වෙබ් අඩවි මගින් සිදු විය. මෙයට ප‍්‍රධාන සාධකය වන්නේ කුලය පදනම් කරගත් වැඩවසම් ආකෘතිය බැව් එහිදි සාකච්ඡුා කෙරිනි. නිත්‍ය වශයෙන්ම එඛී ආසන පැමිණවීම කුළය පදනම් කරගෙන විනා වයස” උගත්කම” ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන නොවන බව බැලූ බැල්මටම පෙනේ. එබැවින් අපි සාකච්ඡුා කළ යුතු වන්නේ බුදු දහමේ මූලික හරයට පවා විරුද්ධ වූ මෙම පටු පදනම දිගින් දිගටම පවත්වාගෙන යා යුතුද යන්නයි. මෙම තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවේ. ලන්දේසින්ගේ අනුග‍්‍රහයෙන් ලද නෞකාවකින් පසුව සියම් දේශයෙන් උපාලි හිමියන් විසින් නැවතත් උපසම්පදාව මෙරටට ගෙනෙන ලදී. දළදා වහන්සේගේ පාලනය සඳහා මල්වතු හා අස්ගිරි යන පාර්ශවයන් දෙකක් ඇති කරන ලද්දේ ඒ අනුවය. ගොවිගම කුළයට අයත් ප‍්‍රභේද ( රදළ, ගොවි, පට්ටි, පොරවක්කාර හා පමුණු ) සඳහා පමණක් සියම් නිකායික පාර්ශවයන්හි පැවිදි කළ යුතුය යන්න රාජ නියෝගයක් අනුව මිස බුදුන් වහන්සේගේ නියෝගයක් අනුව පැණවුන්නක් නොවේ. නමුත් බුදු දහම ලංකාවේ පවත්වාගෙන යාම පිලිබඳ ගැටළුව පැන නගින්නේ ඉංගි‍්‍රසි ආණ්ඩු කාලයේය. ඒ කාලයේ බුදු දහම පිලිබඳ කිසියම් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඉංගි‍්‍රසින් හට කන්ද උඩරට පාලනය වඩාත් මටසිලිටු කරන ලද්දේ උඩරට භික්‍ෂුන් වහන්සේලා විසිනි. 1815 මාර්තු දෙවැනිදා සිදු කළ ඓතිහාසික පාවාදීම ශක්තිමත් කිරීම සඳහා ජේම්ස් සදර්ලන්ඞ් හා ඩොයිලිගේ මගපෙන්වීම යටතේ මහනුවර මගුල් මඩුවට වැඩම කළේ කොබ්බැකඩුව මල්වතු නා හිමියෝය. මෙහිදි කොබ්බෑකඩුව නා හිමියන් මගුල් මඩුවට වැඩම කළ විස්තරය ඉංගි‍්‍රිසි හමුදා කපිතාන් වරයෙක් වූ ඇල්. ද. බුෂ් විසින් වාර්තා කර ඇත්තේ මෙලෙසිනි. රාති‍්‍ර 9’00 ට පමණ අධිකාරම්වරුද දිසාපතිවරුන්ද මහා නායක හිමියන් බැහැදකින්නට මහා විහාරයට යෑමටත් උන්වහන්සේ සභාවට වැඩම කරවාගෙන ඒමටත් අවසර ඉල්ලූහ. රාති‍්‍ර 10.00 පමණ ඉන්දියාවේ ස්වදේශිකයන්ගේ බෙර, කාහල, හොරණෑ හා කස හඩ මධ්‍යයේ උන්වහන්සේගේ පැමිණිම ප‍්‍රකාශ විය. උඩරැුටියන්ගේ අදහස් සම්බන්ධයෙන් උන්වහන්සේගේ බලපෑම අපි හොඳින් දැන සිටියෙමු. මහා නායක තෙරුන් වහන්සේ සිය පිරිවර සමග මගුල් මඩුවේ උතුරු දිගින් පිහිටි අලංකාර කනු විස්සක් මත දරගෙන සිටින විශාල ආලින්දයට පැමිණි විට ජෝන් ඩොයිලි හා ජේම්ස් සදර්ලන්ඞ් විසින් පිලිගන්නා ලදි. මේ දෙදෙනාම සිවිල් සේවකයෝය. මහානායක තෙරුන් වහන්සේව ශාලාවේ ඉහළ කෙළවරේ තම පොදු හා පෞද්ගලික කාර්ය මණ්ඩලය හා එකල මහනුවර යුධ හමුදා කණ්ඩයක් පිරිවරාගත් සේනාධිපති බ‍්‍රවුන්රීග් උතුමාණන් වෙත කැඳවාගෙන යන ලදී. මහා නායක තෙරුන් අවුරැදු 70ක් පමණ වූ උසින් අඩි පහමාරක් පමණ වූ පුරුෂයෙකි. බෙහෙවින් ගිලන්ව හුන් නිසා ගමන් කළේ අපහසුවෙනි’ මේ නිසා තරුණ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් උන්වහන්සේට ඇප උපස්ථාන කරයි’ උන්වහන්සේට 90කගෙන් පමණ යුතු භික්‍ෂුන් වහන්සේලා පිරිවරක් ඇත. ශාලාවට පැමිණි ඔවුහු මැදින විශාල ඉඩක් ඇති වන සේ දෙපසට බෙදී සිටියහ. දිසාපතිවරු එක් පසෙක බිත්තියට කිට්ටුවෙන් සිටියහ. වියන හා බිම ශෝබන ලෙෂ කැටයම් කර තිබූ කනු ඇතුළු මුළු ශාලාව කපු පිළියෙන් වසා උඩුවියන් ඇද වටතිර ඇද පාවඩ දමා තිබුනේය. සියලූම ඛික්‍ෂුන් වහන්සේලා කහ සේද සිවුරු පොරවා සිටියහ. මහා නායක තේරුන්ගේ සිවුර කහ පැහැති විල්ලූදයෙන් නිම කරන ලද්දකි. සියලූ දෙනා තම නියමිත ස්ථානයන්ට පැමිණි පසු ආණ්ඩුකාර උතුමානන් වහන්සේ රටේ සිතරි් විරිත් චාරිත‍්‍ර හා ශිෂ්ට රීතිය අනුව කටයුතු කරමින් උන් වහන්සේගේ ශරීර සෞඛ්‍ය ගැන විමසා සිටියහ. මෙහි පරිවර්තන ඩොයිලි හා මොල්ලිගොඩ අධිකාරම විසින් කරන ලදී. උඩරට ගිවිසුමේ බෞද්ධාගම පිලිබඳ කොටම පිලිබඳ උන්වහන්සේ දැඩි අවධානයක් දැක්වූහ. උන්වහන්සේ හැම දෙනාම වෙනුවෙන් ගිවිසුමේ පරිදි හැම දෙනාගේම ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම පිලිබඳවත් රාජසිංහ රජු රජු පළවා හැරීම පිලිබඳව සිය ප‍්‍රසාදයද පළ කළහ. එසේම තමන් අවංකවකම පිලිබඳව එංගලන්තයේ රජුට සහතික කළ හැකි බවද කොබ්බැකඩුව නා හිමියෝ ප‍්‍රකාශ කළහ. එසේම මෙම වෙනසට තුඩු දුන්නේ එංගන්තයේ රජු දැක්වූ මෘදු සාධාරණ පාලනය හා අසරණයන් හා දුගීන් පිලිබඳව දැක්වූ කරුණාව බවද ප‍්‍රකාශ කර ඇත. එසේම මැදියමේදි සාකච්ඡුාව නිම කර බැහැරව යාමට අවසර පැතූ කොබ්බැකඩුව නා හිමියෝ වාදක කණ්ඩායමක් පෙරටු කරගෙන විහාරය තෙක් යාමට ඉල්ලිමක් කර ඇත. මෙහිදි අපි‍්‍රකානු සෙබලූන්ගෙන් සැදි ලංකා රෙජිමේන්තු වාදක කණ්ඩායම පෙරටු ගමන් සඳහා යෙදවූ බැව් සර් ජෝන් ඩොයිලි රචිත සිංහලේ ආණ්ඩු ක‍්‍රමය ( පරිවර්තනය ඇහැලේපොළ එච්. ඩබ්. සෝමරත්න ) කෘතියෙන් පෙන්නුම් වේ. උඩරට රාජධානිය කඩා වැටී මුළු රටම යටත් විජිතයක් වූ මොහොතක පවා මහා නායක හිමිවරුන් තමුන්ගේ යශෝ කීර්තිය පිළිබඳව සැලකිලිමත් වූයේ එලෙසිනි. සියම් නිකාය අර්බුදයට ලක් වන්නේ ඉංගි‍්‍රසි ආණ්ඩුව විසින් රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම හේතුවෙන් නව ප‍්‍රභූත්තම ධනේෂ්වරයක් බිහිවීමත් සමගිනි. විශේෂයෙන්ම පහතරට කරාව, දුරාව හා සලාගම යන කුල තුන සහෝදරකුල වශයෙන් එක්සත්ව ගොවිගම කුලයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ අනුව ද මොරටුවේ ද ජෙරෝනිස් සොයිසා පරපුරෙන් පැවතෙන සොයිසා පරම්පරාව ( කතෝලික කරාව ) පානදුර ජෙරමියෙස් ඩයස් පවුලෙන් පැවතෙන දියෙස් පරම්පරාව ( බෞද්ධ කරාව) පෙරමුණ ගත්හ. ඔවුන් දැවැන්ත වතු හිමියෝ වශයෙන් මෙරට ආර්ථිකයේ දැවැන්ත කොටසක් ඉටු කළහ. සියම් නිකායික භික්‍ෂුන් වහන්සේලා නැවත බුදු දහමේ අක්මුල් සොයමින් පහතරටට පැමිණෙන විට පහතරට මුළුමනින්ම වෙනස් වී තිබිණි. මේ අනුව සියම් නිකායික භික්‍ෂුන් වහන්සේලාට පහතරටදි විශාල අවකාශයක් නොලැබුන අතර සලාගම කුළයේ ධනවත් ප‍්‍රභූන් විසින් තමන්ටම බෞද්ධ සිද්ධස්ථාන ස්ථාපිත කරගන්නට ක‍්‍රමවේදයක් සැලසුම් කළහ. ඒ අනුව 1789දී වැලිගම අඹන්ගහපිටියේ ඥානවිමල ස්වාමින් වහන්සේ තවත් සාමනේර ස්වාමින් වහන්සේලා සිව්දෙනෙක් හා කැපකරුවන් තිදෙනෙක් සමග සියම් රටට යාමට නැව් නැග්ගහ. මෙම ගමනේ මුළු බරපැන දායකත්වය උසුලා ඇත්තේ සලාගම කුලවතෙකු වූ විජය ශී‍්‍ර වර්ධන ජයතිලක රාජපක්‍ෂ මුදලි තුමාය. එම ගමනේදි රුවල් නැව කුණාටුවකට හසු වූ අතර, එම නෞකාව සියමය වෙනුවට බුරුමයට ගසාගෙන ගිය අතර, බුරුම රටෙන් උපසම්පදාව ලද පිරිස 1802 වසරේදී නැවත ලංකාවට පැමිණ තිබේ. ඉන් පසුව නැවතත් 1807 කාලයේදී සලාගම කුලයේ ප‍්‍රධානියෙක් වන ඒඩි‍්‍රයන් ඩි ආබෲ විජයගුණරත්න රාජපක්‍ෂ නම් ධනවතෙකුගේ අනුග‍්‍රාහකත්වයෙන් බුරුම දේශයෙන් ගෙන ආ උපසම්පදාව දඩල්ල වාලූකාරාමයේදී අමරපුර නිකායේ දඩල්ල ශාඛාව නමින් ස්ථාපිත කරන ලදී. මේ සඳහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේ කපුගම ධම්මක්ඛන්ද ස්වාමින් වහන්සේය. මෙය අමරපුර නිකායේ ආරම්භයයි. මෙය කුල භේදයකින් තොරව කුලදරුවන් පැවිදි කරන්නට විවෘත වූ පළමු නිකායයි. මෙහි කරාව කුලයේ කුල දරුවන් පැවිදි කරගත්තත් එවකට තිබූ කුල තරගය හේතුවෙන් කරාව කුලයේ ප‍්‍රභූ ධනපතින්ගේ අනුග‍්‍රහය ලබමින් ඉන්ද්‍රසුබ වර්ණසාමි හෙවත් අඹගස්වත්තේ සරණංකර හිමියෝ පසුකලෙකදී සියලූ කුලයන්හි කුල දරුවන්ට උපසම්පදාව ලැබිය හැකි රාමඤ්ඤ නිකාය පිහිටුන ලදී. මේ අනුව පහතරට මුහුදු තීරයට අයත් බෞද්ධ සිද්ධස්ථාන ගෙනහැර දක්වන කල්හි වැඩි වශයෙන් විහාරස්ථාන අයත් වන්නේ රාමඤ්ඤ නිකායට හෝ අමරපුර නිකායටය. ප‍්‍රමාණාත්මකව මෙය ගෙනහැර බැලූ කල්හි ලංකාවේ විශාලතම නිකාය වන්නේ අමරපුර නිකායයි. එසේම බුද්ධියෙන් ජාත්‍යන්තර අත්දැකීම් හා දැක්මෙන් වැඩි පිරිසක් රාමඤ්ඤ නිකායට අයත්ය. මේ සඳහා කදිම නිදසුන වන්නේ පානදුරා වාදය හා කි‍්‍රස්තියානි ප‍්‍රඥාප්තිය එළි දුටු මොහොතයි. මින් කි‍්‍රස්තියානි ප‍්‍රඥාප්තිය රචනා කළේ ඩැනියෙල් ජෝන් ගොග්ලි පූකතවරයා විසිනි. මහා පඩ’ිරුවනක් වූ මෙතුමා වෙස්ලි විදුහලේ ඉගැන්වීම් කළ අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගිහි යුගයේදි මෙතුමාගේ ගෝලයෙකි. මෙතුමා විසින් විරචිත කි‍්‍රස්තියානි ප‍්‍රඥාප්තිය මහනුවර බෙදා හැරිමෙන් ඔහු අදහස් කළේ ප‍්‍රභූ වලව්කාර පවුල් කි‍්‍රස්තියානි ආගමට යොමු කරවා ගනිමින් එහි ආභාෂය මුළු නුවර සමාජයටම ලබා දීම සඳහාය. ( කිංස්වුඞ්, ටි‍්‍රනිටි, ශාන්ත අන්තෝනි, හිල්වුඞ්, වැනි ආගමික විදුහල්ද මෙම ව්‍යාපෘතියේ කොටසකි) මෙයට පිළිතුරු බැඳිමට කිසිදු සියම් නිකායික භික්‍ෂුවක් උඩරට නොසිටි අතර උත්තර බැඳිමට මල්වතු අස්ගිරි විහාරවලින් ආරාධනා ලැබුවේ බෙන්තොට වනවාස පිරිවෙනේ බෙන්තොට අත්තදස්සි හිමියන්ටය. උන්වහන්සේ සතු අසීමාන්තික දැනුම පිලිබඳව සියම් නිකාය විසින් තේරුම් ගත් සුවිශේෂ අවස්ථාව නම් සියම් මහා රජු විසින් එවන ලද රාජ සන්දේශය පිලිබඳ කරුණයි.

ථෙරවාද බුදු දහම රැුගෙන උපාලි තෙරුන් වහන්සේ වැඩම කරන ලද්දේ මෙම රාජ සන්දේශය සමගිනි. එය කිසිදු කරුණකට අවශ්‍ය නොවූ නිසාත්, පරීක්‍ෂා කිරීමට හේතුවක් නොමැති නිසාත් ලංකාවට ගෙන ආ දින පටන් තිබූ තැනම සුරැුකිව තබන ලදී. නැතහොත් එය සුරැුකිව ඇති බව සියලූ දෙනා විශ්වාස කරන ලදී. සියවසකට පමණ පසු, එනම් පරකුඹුරේ මහානායක හිමියන්ගේ වකවානුවේදි එම රාජ සන්දේශය පිලිබඳ අවශ්‍යතාවක් ඇති වූ අතර, එය තිබූ තැනක් කිසිවකු නොදන්නා බැව් සියලූ දෙනා තේරුම් ගන්නා ලද්දේ එවිටය. මෙය අතිශයින් බරපතල කරුණක් වූ අතර, සියලූ දෙනා සෑම තැනකම මේ පිළිබඳව සොයා බලන්නට උත්සුක විය. අවසානයේ මෙය පොදු ගැටලූවක් වූ අතර එය බෙන්තොට වනවාස විහාරයටද දැනගන්නට ලැබුනේය. මහනුවරදී අවතැන් වූ රාජ සන්දේශය ඇති ස්ථානය බෙන්තොට සිට පෙන්වා දෙන්නට අත්තදස්සි හිමියන් සමත් වූයේ සියලූ දෙනා විමතියට පත් කරවමිනි. එය දළදා කරක්‍ෂුවට යටින් සුරක්‍ෂිතව තැන්පත් කර ඇති බැව් උන් වහන්සේ නොපැකිළ පෙන්වා දුන් අතර, උන්වහන්සේ පෙන්වා දුන් ආකාරයටම අදාල සන්දේශය ස්ථානගත කරතිබුනේ එතැනය. මේ නිසා මහනුවර සංඝ සභාව අත්තදස්සි හිමියන්ට මහත් ආදරයෙන් සැලකූ අතර මහනුවර සංඝ සභාව බෙන්තර බුදා යන සුරතල් නාමයෙන් උන්වහන්සේ අමතන්නට තරම් කුලූපග වූහ. කි‍්‍රස්තියානි ප‍්‍රඥාප්තිය සඳහා බෙන්තොට අත්තදස්සි හිමියන් මහනුවරට පිළිතුරු බඳින විට ඒ හා දැවන්ත පිළිතුරු බැඳිමක් කරන්නට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කටයුතු කළේය. ගුණානන්ද හිමියෝ ගිහි කාලයේ සලාගම කුළයට අයත් දකුණු ලක අයෙකි. පසු කලෙක බෞද්ධ පුනරුදය දියත් කරන්නට දැවැන්ත මෙහෙවරක් කළේ මුන්වහන්සේය’ එසේම නීති නිඝන්ඩුව නම් කුල වාදය වඩාත් තීව‍්‍ර කරවන ලද කෘතිය ටී. බී. පානබොක්කේ සහ ජේ. ආර්. මන්සූර් විසින් රචනා කිරීමත් සමග විවිධ කුලවලට අයත් නායකයෝත් හිමිවරුත් කුඩමිටි හරස් කරගත්හ. එහිදි කරාව කුලයේ උත්තම බාවය සඳහා නිබන්ධනයක් සැකසුවේ වැලිගම සුමංගල හිමියන් විසිනි. ඒ සඳහා චාල්ස් හෙන්රිද සොයිසා අර්ථපතීත්වයෙන් දායක වීම විශේෂයක් වන්නේ ඔහු කතෝලික භක්තිකයෙන් නිසාවෙනි. නමුත් මෙහිදි තේරුම් ගත හැක්කේ කුලය ආගමට වඩා වැදගත්ව තිබූ බවයි. එසේම වැලිගම සුමංගල තෙරුන්ගේ කෘතියට උත්තර බඳින ලද්දේ ඩොන් අර්නෝලිස් නම් අප‍්‍රසිද්ධ චිතයක් විසිනි. නමුත් පසුව පී. සී. බෙල් මහතා පවසන්න් අර්නෝලිස් යනුවෙන් ලිපිය රචනා කළේ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන් බවය. සුමංගල හිමියන් සියම් නිකායට අයත් වූ අතර පානදුරා වාදයේදි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ උපදේශක වශයෙන්ද කටයුතු කළේය. ඒ කුමක් වුවද කුලය සම්බන්ධ සාධකය සියම් නිකායික භික්‍ෂුන් සැලකිලිමත් වූ බැව් මෙහිදි පෙන්නුම් වේ. එසේම පසුකාලිනව බෙන්තොට අත්තදස්සි හිමියන්ද මල්වතු අස්ගිරි විහාර සමග අර්බුද ඇති කරගන්නා ලද්දේ තම ශිෂ්‍ය පිරිසකට කුල පදනම මත උපසම්පදා වර්ෂය පිලිබඳ ගැටුමක් ඇති කරගනිමිනි. මේ නිසා බෙන්තොට අත්තදස්සි හිමියන් සියම් අමරපුර හා රාමඤ්ඤ යන ත්‍රෛයි නිකායේම උපසම්පදා කර්ම බෙන්තොට වනවාස පිිරිවෙනේ ආරම්භ කරන ලදී. 

40 දශකයේ කුල භේදයට එරෙහිව දැඩිව නැගී සිටි භික්‍ෂුවක් වන්නේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. උන්වහන්සේ රත්නපුර මුද්දුව පිරිවෙන ස්ථාපිත කරන කල්හි භික්‍ෂුන් අතර කුල භේදය කෙතරම්ද යත් පාංසුකූලයකදි එකම රෙදිකඩ තුනකට කඩා සාංඝික කිරීමත් ප‍්‍රතිවිරුද්ධ නිකායික භික්‍ෂුන් මුහුණට මුහුණ බලාගෙන දානය වළඳන්නට සිදුවන අවස්ථා වලදි මැදින් තිරයක් ඇදීමත් කළහ. ඥානසීහ හිමියන්ගේ දැවැන්ත විරෝධය හා පැහිදිලිකිරීම් හමුවේ මෙම පහත් චාරිත‍්‍රය තුරන්ව ගොස් තිබේ. මේ අනුව ලංකාවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා නිකායික වශයෙන් ඇතිකරගන්නා මෙම පටු බෙදීම් හේතුවෙන් අද වනවිට බෞද්ධාගම ආගමක් ලෙස ජන සමාජයෙන් ඈත් වෙමින් පවත්නා බැව් මල්වතු අස්ගිරි නායක හිමිවරුන් තේරුම් ගත යුතුව තිබේ. එබැවින් අවම වශයෙන් ති‍්‍රපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීම වැනි සියලූ නිකායන්ට පොදු කරුණකදි සම අසුනේ වාඩි වී ලෝකයට බෞද්ධ දර්ශණය පිලිබඳ හැග’ීමක් ලබාදිය යුතුව තිබිණි. නමුත් අවාසනාවකට එදා මෙන්ම අදත් මල්වතු අස්ගිරි විහාරාධිපති හිමිවරුන් තාමත් තම කුල ආධිපත්‍ය අවස්ථාව ලද සැනින් ප‍්‍රකාශ කරන්නට වෙර ගන්නේ මුළු මහත් ජන සමාජයම සියවස් ගණනාවක් පසුපසට ඇදගෙන යාමටය. මේ නිසා බුදුදහමේ සමානාත්මතාවය ප‍්‍රකාශ කරන්නට පළමු නායක කාරකාරාදින්ට පිරිත් නූල් බැඳිමට පෙර මහානායක හිමිවරුන් කළ යුත්තේ තමන්ගේ ශිෂ්ටසම්පන්නකම් පිලිබඳව මීට වඩා සැලකිලිමත් වීමයි. මෙහිදි අපි ජන සමාජයක් වශයෙන් එම උත්සවයේදි සිදු වූ මදිපුංචිකම් දරාගනිමින් එය ලෝකයට මාතෘකාවක් නොකළ අමරපුර හා රාමඤ්ඤ නිකායික මහානායක හිමිවරුන්ට ප‍්‍රණාමය දක්වමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =