උසස් පෙළ රාජකාරී කළ – ගම්පහ පාසලක
විභාග පරීක්ෂකවරියකටත් කොරෝනා.
මෙවර උසස් පෙළ විභාගය සදහා විභාග පරීක්ෂකවරියක ලෙස සහභාගී වූ ගුරුවරියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන එම ගුරුවරිය, විභාග රාජකාරී කර ඇත්තේ, ගම්පහ නගරයේ ඇති පාසලකයි.
අදාල ගුරුවරියට මෙන්ම ඇයගේ සැමියාට ද වෛරසය ආසාදනය වී ඇති පැවසේ.
එම ගුරුවරිය විභාග පරීකෂකවරියක ලෙස රාජකාරී කළ විභාග ශාලාවේ උසස් පෙළ සිසුන් හතළිහක් පමණ සිට ඇති අතර, ඔවුන් සියළු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමි ත ය.
ගුරුවරිය ආසාදිතයෙකු වී ඇත්තේ, පෑළියගොඩ මත්ස්‍ය වෙළද සැල වෙත ගොස් තිබුණු බැවින් යැයි සෞඛ්‍ය අංශ පවසයි.