උසස්පෙළ ඉහළින්ම සමත් දරුවෝ..!

0
566
- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිථල අනුව නව විෂය නිර්දේෂය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා සිසුවා විසින් හිමි කර ගෙන ඇත.

එමෙන්ම, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ.

ඔහු 2013 සහ 2011 වර්ෂවල ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියේ න්‍යායත්මක් අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා රන්පදක්කම හිමිකර ගෙන ඇති බව වාර්තා වේ. 

මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් සිසුවා විසින් හිමිකරගෙන ඇත.

එමෙන්ම නව විෂය නිර්දේෂය යටතේ කලා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තෙෂාණි වැලිගමගේ සිසුවිය විසින්.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන ඇත.

ඒ අනුව විනුර ඔසද ගාල්ලගේ සිසුවා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද  පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ සිසුවාද හිමකර ගෙන ඇත.

ada derana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 16 =