උපාධිධාරීන් රැවටීමට ආණ්ඩුව ගත් උත්සාහය හෙළා දකිනවා. උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

0
749
- Advertisement -

රැකියා ලබා දෙන බව පවසමින්, උපාධි ධාරීන් රැුවටීමට ලක් කිරීම තම සංවිධානය තරයේ හෙළා දකින බව, උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු චන්දන සූරියආරච්චි පවසයි.

මැතිවරණයේ දී වාසි ලබා ගැනීම සදහා ආණ්ඩුව උපාධි ධාරීන් පාවිච්චි කිරීමට උත්සාහ කළ බවටද ඔහු චෝදනා කරයි.

උපාධිධාරීන්ට රැුකියා ලබා දීම සද්භාවයෙන් යුතුව කළා නම්, එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර කළ යුතුව තිබුණු බවද ඔහු පවසයි.

මුලින් සෑම උපාධිධාරියෙකුටම රැුකියා ලබා දෙන බව පැවසූවත්, පසුව, රාජ්‍ය සේවයට උපාධි ධාරීන් 56,000 ක් බදවා ගන්නා බවට පොරොන්දු වූ රජය, දැන් එම සංඛ්‍යාව 45,588 දක්වා අඩු කර ඇති බවට ද උපාධාධාරී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු රජයට චෝදනා කරයි.

කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි, 56,000 ටම රැුකියා ලබා නොදෙන්නේ නම්, අපේ‍්‍රල් 25 වන දායින් පසුව, රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවට ඔහු පවසිය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =