උපත ලැබු සැනින් දරුවා කුණු කාණුවට දැමු මව කොටුවෙයි.

0
390
- Advertisement -
Share

උපත ලැබු සැනින් තම දරුවා ජලය ගලා බසින කුණු කාණුවකට විසිකල බවට හැටන් දික්ඔය වනාරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන් පොලිසිය පවසනවා.

ඉකුත් 17 වනදා කාසල්රී ජලාශයේ දික්ඔය සම්බන්ධ වන දකුණු වනරාජ ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබු බිලිදු මළ සිරුරක් ධිවරයකු විසින් නිරික්ෂණය කිරිමෙන් පසු පොලිසිය වෙත දන්වා ඇත. පසුව එම ස්ථානයේ පරික්ෂණ වලින් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත යවා ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙය වු හැටන් පොලිසියට එම කාලය තුල දරුවන් ලැබිමට සිටි මව්වරුන් ආශ්‍රයෙන් කරන ලද විමර්ශන වලදි දික්ඔය වනරාජ වත්ත තේ වත්ත ප්‍රදේශයේ සිට මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තිස්නම වියැති විවාහක කාන්තාවක් වන අතර ඇයට අවුරුදු 6ක ගැහැණු දරුවකු හා අවුරුදු 3ක පිරිමි දරුවකුද ඇත. සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවට එම කාන්තාව පවසයි. ඉකුත් 14 වන දා පෙරවරුවේ ඇයට නිවසේදී දරුවා ලැබුන බවත් ඉපදීමෙන් පසු දරුවා මිය ගිය නිසා ගලා බසින කාණුවට විසිකල බවටත් පාපොච්චාරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මියගිය බිලිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය 20 දා දික්ඔය මුලික රෝහලේදී සිදු කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + ten =