උදේ පාසලේ පන්ති කාමර‍යේදී රෝගීවූ දැරිය රෝහලේදි මරුදකී

0
633
- Advertisement -

කොළඹ පෞද්ගලික පාසල අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් හදිසියේ රෝගාතුර වී කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ජාඇල පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජාඇල කපාලකන්ද රෝලන්ඩ්පාක්හි පදිංචි ලොසානි කලුවිතාරණ නැමති වයස 14ක් දැරියකි.

මියගිය සිසුවියගේ නිවුන් සහෝදරිය පවසා සිටියේ තමන් සමඟ පෙරේදා (21) පෙරවරුවේ පාසලේ පන්ති කාමරයට යෑමට පඩිපෙළ නගිමින් සිටි නැගණියගේ පපුව ප්‍රදේශය රිදෙන බව පැවසූ බවත් පසුව පන්ති කාමරයට ගොස් මේසය මත ඔලුව තබා ටික වෙලාවක් සිටි අතර ඇයට සිහිය නැති වීම හේතුවෙන් පාසලේ ගුරුවරුන් දෙදෙනෙකුට පැවසූ පසු ඇයව රෝහල් ගතකර බවත්‍ ය.

ඇය මීට පෙර පෙනහැල්ලේ අධික රුධිර පීඩනය හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙක් වන ඇයගේ පියා වන චාමර කලුවිතාරණ මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =