උද්ධමනය ඉහළට ජනතාව හාන්සි

0
79
- Advertisement -

ඔක්තෝබර් මාසයේ පමණක් මෙරට උද්ධමනය 8.3%කින් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා හෙළිදරව් කර තිබේ.

එය පසුගිය මාස 47 කට පසුව වාර්තා වූ වැඩිම භාණ්ඩ ඉහළ යෑමේ වේගයයි.

මේ අනුව ආහාර කාණ්ඩයේ වැඩිවීම 5.4%ක් ලෙසද, ආහාර නොවන කාන්ඩයේ වැඩිවීම 2.9%ක් ලෙසද වාර්තා වෙයි.

මෙම අගය 2020 වසරේදී වාර්තා වූයේ ආහාර කාණ්ඩය 4.6%ක් හා ආහාර නොවන කාණ්ඩය 0.8%ක් ලෙසිනි. එහි සමස්ත අගය වූයේ 5.5%කි. ඒ අනුව මෙවර උද්ධමන වර්ධන වේගය දරාගැනීමට අපහසු අගයක් ගෙන තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මේ වනවිට අස්වභාවික ආකාරයට ඉහළ ගොස් තිබේ. එසේම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යවලද හිඟයක් පැවතීම නිසා ඒවා පාලන මිළෙන් බැහැරව අලෙවි වන තත්ත්වයක් දැකිය හැකිය.

මෙම ආර්ථික පීඩනයට හේතුව වශයෙන් ආණ්ඩුව පවසන්නේ කොවිඞ් වසංගත තත්ත්වය හා රට වසාදැමීමට සිදුවීම එයට පාදක වූ බවයි. එසේම පසුගිය වකවානුව පුරාම අණ්ඩුවේ වගකිව යුතු බලධාරින් පෙන්වා දුන් ආකාරයට ලෝකයේ බොහෝ රටවල් මෙම තත්ත්වයට මුහුණ දී ඇත.

නමුත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට එය අතිශයෝක්තියකි. කොවිඞ් වසංගත තත්ත්වය මුළු ලෝකයම අඩපණ කළ බව සත්‍යයකි. නමුත් අද වනවිට කොවිඞ් වසංගත තත්ත්වයෙන් බැට කෑ රටවල් පවා නැවතත් තම නිෂ්පාදන, සේවා හා ආර්ථික ඉලක්ක වෙත ළඟා වී තිබේ.

චීනය, ඇමරිකාව වැනි විශාල රටවල් පමණක් නොව. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල්ද තමුන්ගේ රටවල්වල නිෂ්පාදන හා ආර්ථික කි‍්‍රයාවලිය පවත්වාගෙන යන්නට සමත් වී ඇත. විශේෂයෙන්ම බංග්ලාදේශය වැනි රටවල් ලංකාවට ණය මුදල් ලබාදීමට තරම් ශක්තියක් හිමි කරගෙන තිබේ.

එහෙත් ලංකාවේ තත්ත්වය තාමත් නිසි මගකට ප්‍රවේශ වී ඇති ආකාරයක් දැකිය නොහැකිය. නිවැරදි ප්‍රතිපත්ති රාමුවක්, තිරසාර ආකාරයට, දුර දැක්මක් සහිතව අනුගමනය කරන ස්වරූපයක් මේ වනවිටත් දැකිය නොහැකිය. ඒ නිසාම ලංකාවේ අපනයනයන් මෙන්ම දේශිය ආර්ථිකය සවිමත් කළ කෘෂිකර්මාන්තයද මේ වනවිට දැවැන්ත බසුබෑමකට ලක් වී තිබේ. එලෙසින් ගත් ගත් කළ ඉදිරිය ගැන යහපත් බලාපොරොත්තු තබාගන්නට කිසිදු සාධනීය ලක්ෂණයක් දැකිය නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =