උද්ඝෝෂකයෝ; ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ප්‍රතිමාවටත් ගිනි තබති.

0
406
- Advertisement -
Share

උද්ඝෝෂකයෝ; ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ප්‍රතිමාවටත් ගිනි තබති.

ඇමරිකානු මහාද්වීපය සොයාගනු ලැබුවේ ක්‍රිස්ටෝපර් කොලම්බස් නම් දේශගවේශකයා විසිනි. ඔහු පැමිණීමට පෙරත් ඇමරිකාව ජනාවාස වී තිබුණු අතර, එය රතු ඉන්දියානුවන්ගේ නිජබිම විය.

රන් ආකර සොයා පැමිණි කොලොම්බස්, ස්වදේශිකයන් සිය දහස් ගණනින් මරා දැමූ බවත්, ඒ හා සමාන පිරිසක් වහළුන් බවට පත් කර ගත් බවත්, තවත් විශාල රතු ඉන්දියානුවන් ප්‍රමාණයක් වහළුන් ලෙස යුරෝපයට ගෙන ගිය බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

මේ හේතුන් මත, බහුතරයක් ඇමරිකානුවෝ, ක්‍රිස්ටෝපර් කොලම්බස් වීරයෙකු ලෙස නොසලකති.

ජෝර්ජ් ෆ්ලොයිඞ් ට යුක්තිය ඉල්ලා වීදි බැස සිටින ජනතාව,වර්ජිනියා නගරයේ පිහිටි ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ප්‍රතිමාවට ගිනි තබා – එය විනාශ කර දමන්නේ, ඇමරිකාව තුළ සදාතනික තුවාලයක් ලෙස පවතින වර්ගවාදය, ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවට පය තැබූ පළමු නිමේශයෙන් ම ආරම්භ වූවක් බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − six =