උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම ඉටු වේ. ඝාතනයට සම්බන්ධ අනෙක් නිළධාරීන් තිදෙනාටත් අපරාධ චෝදනා ගොනු කරයි.

0
798
- Advertisement -

ගෙල පාගා මරා දැමූ, ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට සම්බන්ධ අනෙක් පොලිස් නිළධාරීන් තිදෙනාට ද එරෙහිව, අපරාධ චෝදනා ගොනු කිරීමට මිනෙසොටා නීතිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මේ දක්වා, ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබුණේ එක් පොලිස් නිළධාරියෙකු පමණි. ඔහු, ඩෙරෙක් චෝවින් Derek Chauvin යන නමින් හදුන්වන අතර, මිනිත්තු නමයකට ආසන්න කාලයක්, සිය දණහිසෙන්, ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ගෙල පාගාගෙන සිටියේ ඔහු ය.

ඔහුට අමතරව, අනෙක් නිළධාරීන් තිදෙනාද ඝාතනයට සම්බන්ධ බව පවසමින්, ඔවුන් සියළු දෙනා අත්අඩංගුවට ගත යුතු යැයි ඉල්ලා සිටිමින්, මුළු මහත් ඇමරිකාව පුරාම උද්ඝෝෂණ දියත් වුණු අතර, එම උද්ඝෝෂණ අතර තුරේ දී, පුද්ගලයන් 9300 දෙනා, පොලිස් අත් අඩංගුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =