උදයංග ගැන විමර්ෂණය කළ නිළධාරියා ඊයෙත් එවා නෑ. වැඩ බලන පොලිස්පති අධිකරණය කියන දේ නාහයි.

0
430
- Advertisement -

මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින උදයංග වීරතුංග ට එරෙහි නඩුව ඊයේ දිනයේ දී කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ යළි විභාගයට ගනු ලැබී ය.

එහිදී, මීට පෙර නඩුව කැදවූ අවස්ථාවේ විනිසුරුවරයා විසින් මෙම නඩුව සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් පතිවරයාට ලබා දී තිබූ නියෝග කිසිවක් මේ වන තෙක් ඉටු කර නැති බව තහවුරු විය.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා, නව රජය බලයට පත් වීමෙන් පසුව වෙනත් කොට්ඨාශයකට මාරු කර යවා තිබුණු. එම නිළධාරියා, නැවත මෙම පරීක්ෂණ කටයුතු සදහා අනුයුක්ත කළ හැකිදැයි සොයා බලන ලෙස විනිසුරුවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. නමුත්, ඊයේ දිනයේ නඩුව කැදවූ අවස්ථාවේ දී ද විනිසුරුවරයාගේ එම ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොතිබුණි.

එම අවස්ථාවේ දී විනිසුරු රංග දිසානායක මහතා පවසා සිටියේ, වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිගේ නියෝග හා අධිකරණයේ නියෝග පිළි නොගන්නා මට්ටමකට වැටී ඇති බවයි.