උදයංගගේ රතු වරෙන්තුව ඉවත් කිරිමේ උත්සාහයක්..!

0
614
- Advertisement -

මිග් යානා වංචාවේ චූදිත උදයංග වීරතුංගගේ රතු වරෙන්තුව ගැලවෙන ලකුණු

කූප්‍රකට මිග්යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචාකිරීම සම්බන්ධව චෝදනා එල්ලවීමෙන් පසු, විදෙස් ගතවී අධිකරණය මගහරිමින් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, මෙරටට ගෙන්වාගැනීමට නිකුත්කර තිබෙන ජාත්‍යන්තර රතු වරෙන්තුව ආපසු කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්, තිලකරත්න මහතා ඊයේ(13) අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සිදුකරමින් නව අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ උදයංග වීරතුංග, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු බැවින්, දේශපාලන පලිගැනීමක් ලෙස මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවය.

කෙසේ වෙතත් කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත වාර්තා අනුව, උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට බොහෝවිට සිදුවනු ඇත.

2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමකින් මිග් 27 ප්‍රහාරක ජෙට් යානා 4ක් මිලදී ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංග නැමැත්තාට මෙරට අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයාවන ඩබ්ලිව්. තිලකරත්න මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ ආරක්ෂක අංශය භාරව සිටි පොලිස් නිලධාරියා ය.

lanka truth.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 5 =