උදයංගගේ යුක්රේන සංචාරකයෝ නීතිය නමයි..! හෝටල් ගාස්තුවත් අසාමාන්‍ය ලෙස අඩු කර ගනී.

0
737
- Advertisement -

උදයංගගේ යුක්රේන සංචාරකයෝ නීතිය නමයි..! හෝටල් ගාස්තුවත් අසාමාන්‍ය ලෙස අඩු කර ගනී.

යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී, උදයංග වීරතුංග මහතා, සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය සමග පැමිණි මුල් එකගතා උල්ලංඝණය කරමින් සිටින බව, sunday times පුවත්පත වාර්තා කරයි.

මෙරටට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය වුවත්, යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් තිරණ ගනු ලබන්නේ උදයංග වීරතුංග විසිනි. ඔහු සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලයේ කිසිදු වගකීමක් නොදරන පුද්ගලයෙකි.

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන්ගෙන් පිරිසක් ඊයේ දිනයේ දී මිරිස්ස මුහුදේ තල් මසුන් නැරඹීමටත් තවත් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයටත් එක්ව සිටිය ද ඒ පිළිබදව සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැති බව වාර්තා වේ.

යාල වනෝද්‍යානයේ සංචාරය සදහා ජීප් රථ 28 ක් ලබාගෙන ඇති අතර, එම ජීප් රථ කලින් නියම කරනගෙන සිටි ජීප් රථ නොවන බව පැවසේ. එමෙන්ම, මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීම සදහා යොදාගෙන ඇත්තේ ද – සැලසුම තුළ නොතිබුණු පෞද්ගලික බෝට්ටු බවට චෝදනා එල්ල වේ.

එමෙන්ම, මෙම සංචාරකයන් නවාතැන් ගැනීම සදහා එකග වූ හෝටල් කාමර වෙනුවෙන් ගෙවිය යුතු කුළියද, සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීමට බලකර ඇති බව වාර්තා වේ.
ෆුල් බෝර්ඞ් – එක් රාත‍්‍රියක් සදහා ඇමරිකානු ඩොලර් 250 ක් අයකරන කාමරයක ගාස්තුව, ඇමරිකානු ඩොලර් 100ක් දක්වා අඩු කර තිබේ.

තරු හතරේ තවත් හෝටලයක්, දින 09 ක් සදහා ඇමරිකානු ඩොලර් 970 ක පැකේජයක් ලබා දී ඇති අතර, එය ඇමරිකානු ඩොලර් 107 දක්වා අඩු කර තිබේ.