උතුරේ සියළු කඩසාප්පු රාත්‍රි 10.00 වන තුරු විවෘතව තැබීමට ජනපතිගෙන් උපදෙස්.

0
176
- Advertisement -
Share

උතුරේ සියළු කඩසාප්පු රාත්‍රි 10.00 වන තුරු
විවෘතව තැබීමට ජනපතිගෙන් උපදෙස්.

ආපන ශාලා, ඖෂධ අලෙවි සල්, රෙදි පිළි අලෙවි කරන සාප්පු, සුපිරි වෙළද සැල් ඇතුළු ව යාපනය අර්ධද්වීපයේ සියළු වෙළදසල් රාත්‍රී 10.00 දක්වා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

උතුරු පලාතේ ජන ජීවිතයට පුණර්ජීවනයක් ලබා දීම මෙහි අරමුණ බව පැවසේ.

මේ මගින් රැකියා අවස්ථා වැඩි වීමද සිදුවනු ඇති බව විශ්වාස කරයි.

දැනට රාත්‍රී 8.00 පමණ වන විට බස් ගමනාගමනය නතරවන අතර, ඉදිරියේ දී මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =