උතුරේ මහවිරු සැමරුම් සිද්ධ වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පිළි ගනී.
කෙසේ වෙතත් අදාල මහවිරු සැමරුම් හේතුවෙන් නීතිය කඩවීමක් සිද්ධ වී නැති බවද ඒ මහතා සදහන් කරයි.
මහවිරු සැමරුම සම්බන්ධයෙන් අද [30] උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ දී ඔහු මෙම අදහස් පළ කර තිබේ.
මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා දුන් පිළිතුරු lanka truth.lk වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණි. පහත දැක්වෙන ලින්ක් එක ඔස්සේ ඔබටද අදාල සංවාදයට කන් දිය හැකි ය.