“උතුරේ ජනරාශීන් වැළැක්වීමට නිරෝධායන නීතිය භාවිතා කරන්න.” ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දෙයි.

0
409
- Advertisement -

අවසන් සටනේ දී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සදහා විවිධ සන්විධාන උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, එබැවින්, එවැනි ජනරාශීන් වැලැක්වීම සදහා නිරෝධායන නීතිය භාවිතා කරන ලෙසටත්, ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක හමුදා වෙත උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

නිරෝධායනය නීතිය අනුව, වසංගත තත්ත්වයක් රට තුළ පවතිද්දී, ජනතාව ඒකරාශී වීම නීතිවිරෝධී ය. එමෙන්ම, සෞඛ්‍යාරක්ෂිත භාවය රැක ගැනීම සදහා, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුව ආවරණ පැළදීම අනිවාර්යය කිරීම වැනි පියවර සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබෙන අතර, එම පියවර උතුරේ වැසියන් විසින්ද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුව තිබේ.

කෙසේ වෙතත්, එම්.කේ ෂිවාජිලිංගම් සහ සී.වී විග්නේශ්වරන් ඇතුළු පිරිසක්, සංගුපිඩි මාර්ග භාදකය පසුකර, මුල්ලිවයික්කාල් වෙත යාමට උත්සාහ කළ අවස්තාවේ ආරක්ෂක හමුදා ඔවුන් නතර කොට ඇති බව පැවසේ.

මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පවසා ඇත්තේ, යුද්ධයේ දී මිය ගිය ආදරණීයයන් සැමරීමට දෙමළ ජනතාවට අවශ්‍යනම්, එය ඔවුන්ගේ නිවෙස් තුළට වී සාමකාමීව සැමරිය හැකි බවයි. මේ මොහොතේ, වසංගත තත්ත්වයක් රට තුළ තිබියදී, ජනතාවට ඒකරාශීවීමට ඉඩ දිය නොහැකි බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 18 =